Saturday, July 10, 2010

බුදුදහම තුල කාන්තාව (ඉස්ලාම් දහම තුල කාන්තාව ලිපියට පිළිතුරු )

ලංකා වන් පලකල ඉස්ලාම් දහම තුල කාන්තාව යන ලිපියේ බුදුදහම පිළිබද කල වැරදි විග්‍රහයට  පිළිතුරු මෙම ලිපියෙන් ලබා දීමට අදහස් කරමිඔහු මෙම ලිපියෙන් උත්සහ කර  ඇත්තේ  බුදුරජාණන් වහන්සේ කාන්තාව  පහත්  කොට සලක ඇති බව පෙන්නා දීමටය  බුදුරජාණන් වහන්සේ සැමවිටම කුල භේද ජාති භේද පන්ති භේද පමණක් නොව ස්ත්‍රී පුරුෂ බේද පවා ප්‍රතික්ෂේප කල සේක.

 "යමෙකු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වන්නේ උපතින් නොව ක්‍රියාවෙනි " යන  බුදුරජාණන් වහන්සේගේ ප්‍රසිද්ධ ප්‍රකාශය ඔබ අසා ඇතුවාට සැකයක් නැත.  

ලංකා වන් පලකල ලිපියේ අඩංගු වන්නේ බුදුන් වහන්සේ විසින් පැවිදි බවට පත්වූ කාන්තාවන්ට පැනවූ නීති මිස සාමාන්‍ය කාන්තාවනට පැනවූ නීති නොවේමෙම නීති පැනවීමට ප්‍රධාන  හේතුව  කාන්තාවන් පහත් කිරීම  නොවේ කාන්තාවන් හා පුරුෂයන් පැවිදි බිමේ සිටින විට ඔවුන්ගේ  සීලය ආරක්ෂාකර ගැනීම සදාහයබුදුරජාණන් වහන්සේ තරම් ගැහැනියගේ වටිනාකම ගැන දෙසු  අයෙකු මෙලොවතුල සිටිය නොහැකබුදුරජාණන් වහන්සේ බුද්ධතත්වයට  පත්වීමට පවා හේතුව පසුගිය ආත්මයක තමාගේ මව විසින් කල ප්‍රාර්ථනාවක් බව උන්වහන්සේගේ පෙරජන්ම පිළිබද දේශනාවන් වලදී ප්‍රකාශ කොට ඇතඅප ආගමේ ඉහලම තත්වය හෙවත් බුද්ධතත්වයට පත්වීමටත් ගැහැණියෙකු මුල්වූ බව බුදුරදුන් පවසුවානම් කාන්තාවන්ට  බුදුදහමේ පවතින ස්ථානය පිළිබද තවත් තර්ක අවශ්‍ය නැත .  

ලංකා වන් බුදුරජන් විසින් මහන බිමට පැමිණීමට කැමති කාන්තාවට පැනවූ නීති අටෙන් 01,02 හා 08 කරුණු මගින් කාන්තාව පහත් කරන බව ප්‍රකාශ කිරීමට අසාර්ථක උත්සාහයක නිරත වී ඇත .

දැන් අපි එම කරුණු අට මදකට විමසමු.  


1. උපසම්පදා වී වර්ෂ සියයක් ගිය භික‍ෂුණිය වුවද එදා උපසම්පදා වූ මහණහට වැදීම හා දැක හුනස්නෙන් නැගටීම යනාදී වශයෙන් ගරුකල යුතුය.

මෙම නීතියෙන් කාන්තාවට වන හානිය කුමක්දවැදීම යනු තම පහත් කිරීමක්  නොව එකිනෙකට ගරු කර ගැනීමකිතමාට ගෞරව  කරන අයෙකු වරදට පොලොබවා  ගැනීම ඉතා අසීරු කරුණකි 

2. භික‍ෂුණිය විසින් භික‍ෂූණ් නැති ආවාසයක වස් නොවිසිය යුතුය.

මෙය කාන්තාවගේ ආරක්ෂාව සදහා ගත් පියවරකිඑදා පවතී සමාජ ක්‍රමය අනුව මෙය   වැදගත් පියවරක්  බව මගේ අදහස වේ
3.  අඩ මසකට වරක් භික‍ෂුණිය විසින් භික‍ෂූ සංඝාගෙන් පොහොය විචාරීම ද අවවාද ඇසීම ද කලයුතු

4. වස් විසු භික‍ෂුව උභය සංඝයා ඉදිරියේ පවාරණය කල යුතු

5. ඇවැතකට පැමිණි භික‍ෂුණිය විසින් සංඝයා දෙකොටස වෙත පක‍ෂයක් පුරණ හික්මීමෙහි හැසිරිය යුතුයි.

6. දෙවර්ෂයක් ධර්ම සයෙක්හි හික්මෙන ලද හික්මීම් ඇතිව හික්මෙන්නිය විසින් දෙ වැදෑරුම් සංඝයා කෙරෙහි උපසම්පදාව සෙවිය යුතුය.

7. කිසියම් කරුණකින් භික‍ෂුණිය විසින් භික‍ෂූන්ට ආක්‍රේශා නොකළ යුතුයපරිභව නොකළ යුතුය.

අක්‍රෝෂ පරිභව කිරීම කිසිම බික්ෂු වකට කැප නැත මෙය බික්ෂුනීන්ට  පමණක් නොව  බික්ෂුන්ට ද පොදු නීතියකි. .

8. අද පටන් භික‍ෂුණීන්ට භික‍ෂූන් කෙරෙහි වචන මාර්ග වැසූයේයභික‍ෂුණීන්ට භික‍ෂූන් කෙරෙහි වචන මාර්ග නොවැසුවේය.

 මෙය පනවා ඇත්තේ අනවශ්‍ය කතාබහ තුලින් ඇතිවිය හැකි වරදට පොළබවා ගැනීම් වැලක් වීම සද හා බව ඔබට පැහැදිලි වනු ඇත , තමා සමග කතා නොකරන ගැහැනියක් වරදට පොළබවා ගැනීම පහසු නැත .

අවසන් වශයෙන් ලංකා වන් උත්සහකර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ පහත ප්‍රකාෂය මගින් කාන්තාව පහත් කළ  බවයනමුත් බුදුරජාණන් වහන්සේ කල මුළු ප්‍රකාෂය එහි අඩංගු කර නැත බුදුරජාණන් වහන්සේ පහත ප්‍රකාෂය කොට පසුව ප්‍රකාශ කලේ ඉහත සදහන් නීති අට පිලිපැදුවොත් බුදුදහම නැවතත් විනාශ නොවී තිබෙන බවය ලන්කාවන් තමාගේ වාසියට එමකොටස පලනොකිරීම මගින් ඔහුගේ යටි අදහස් මනාවට පැහැදිලිවේ.

ආනන‍දයඉදින් ස්ත්‍රීය තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්මයේ පැවිද්ද නොලැබූයේ නම්ආනන‍දයබ්‍රහ්මචරය්‍ය බොහෝ කල් සිටියේ වන්නේයවර්ෂ දහසක් සද්ධර්මය පිහිටන්නේයආනන‍දයයම් දවසෙක සිට ස්ත්‍රිය තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය නම් සස්නෙහි පැවිදි වූයේදශාසනය වර්ෂ පන්සියයක් සද්ධර්ම සිටින්නේයඑසෙම් යම්සේ කිසි කුලයක ස්තී්‍රහු වැඩිවෙත් ද පුරුෂයන් අඩුවෙත්ද ඒ කුලයේ ගම්පහරණ සොරුන් විසින් පහසුවෙන් මැඩ පැවැත්විය යුත්තේද එසේම යම් ධර්ම විනයෙහි ස්තී්‍රය පැවිද්ධ ලබයි ද ශාසනය බොහෝ කල් නොපවතින්නේයඑසේම සම්පූර්ණ වු හැල් කෙතෙහි සුදු ඇට ඇති රෝග පහළවේද එසේ ඒ හැල් කෙත බොහෝ කල් නොපවතී එසේම ස්ත්‍රිය යම් ධර්ම විනයක පැවිද්ද ලබයි ද ඒ ධර්ම විනය බොහෝ කල් නොපවතී"


මෙමගින් බුදුරජාණන් වහන්සේ පවසා ඇත්තේ ස්ත්‍රිය නිසා බුදුදහම විනාශ වන බව නොව ස්ත්‍රිය පැවිදි බවට පත්වූ විට ඇතිවිය හැකි විනය පිරිහීම් නිසා බුදුදහම විනාශ වන බවකිගැහැනුන් හා පිරිමින් එකම ආරාමයේ සිටිනවිට විනය පිරිහීම් සිදුවීමට ඇති ඉඩකඩ ඉතාමත් වැඩි බව සාමාන්‍ය දැනීමක් ඇති පුද්ගලයෙකුට උවද තේරුම් ගත හැකඉස්ලාම් ආගමට අනුව පල්ලියේදී  ගැහැණු සහ පිරිමි එකට  දෙවියන් යැදීම තහනම් බව අප දන්නා කාරණයකි මෙය පනවා ඇත්තේ ගැහැණිය පහත් කිරීමටද විනය රකීමටද යන්න පැහැදිලිකිරීම  ලංකා වන්ට භාර කරමි

Monday, July 5, 2010

දේව සංකල්පය ප්‍රතික්ෂේප කරන්නන්ට(පිළිතුරු )

මෙම ලිපියෙන් මොහු උත්සහ කොට ඇත්තේ බුදුදහම අදහන්නන් තුල ඇති තිස්තුන්කොටියක් දෙවියන් පිළිබද අදහස හැල්ලු කිරීම සදහාය .
ලංකා වන් පවසන පරිදි

1)මෙම දෙවි දේවතාවුන්ගේ සංඛ්‍යාව තිස් තුන්කෝටිය දක්වා විහිදී යයි. මෙය තුළින්ම බහු දේව වාදයෙන් පසුවෙන්නන් තුළම නිසි විශ්වාසයක් නොමැති බව පැහැදිළි වෙයි.


බුදුදහමට අනුව දෙවියන් නම් සත්ව කොටසක් මෙම විශ්වය තුල සිටිති . ඔව්න් අපට වඩා බලවත් හා වාසනාවන්ත ජීවිත ලබා සිටිති, බුදුදහමට අනුව ඔව්න්ද මෙම විශ්වයේ නීති වලට යටත්ය. එනම් ඔව්න්ද මියයති නැවත ඉපදෙති. දෙවියන්ට වැදුම් පිදුම් කිරීමෙන් අපට පරලොව යහපත සදහා වන උපකාරයක් නැති බව බුදුන්වහන්සේ පවසා ඇත. සමහරු මෙම දෙවියන් වන්දනාව කරනුයේ බොහෝවිට හින්දු බලපෑම මත හෝ මිත්‍යා දෘෂ්ටිය නිසා මිස බුදුදහමේ ඉගැන්වීම නිසා නොවන බව ලංකා වන් නොදන්නවා වියහැක.

ලංකා වන් පවසන පරිදි
2) බහු දේව වාදය පිළිගන්නා සැමෝම කෙසේ හෝ වන්දනා මාන කරන්නේ පිළිරුවකටය. එම පිළිරුවට, ප්‍රතිමාවට හිමිකම් කියන පුද්ගලයා ඉතිහාසයේ අපි සේම ජීවත් වූ මනුෂේ‍යක්


බුදුරජාණන් වහන්සේ ප්‍රතිමා ,ගස් , ගල් වලට වැදුම් පිදුම් කිරීම සම්පුරණයෙන් ප්‍රතික්ෂේප කල සේක . නොපෙනෙන දෙවියෙකු පසුපස යාම බියෙන් තැතිගත් මෝඩ මිනිසුන්ගේ ක්‍රියාවක් බවට ප්‍රක්ශකළ සේක. බුදුරජාණන් වහන්සේ කිසිවිටක දෙවියන් හෝ දෙවිවරු විශ්වය පාලනය කරන බව පවසා නැත.සත්‍ය සොයාගත හැක්කේ තමාගේම මනසෙන් මිස අන්ධ භක්තියෙන් නොපෙනෙන දෙවියන් යැදීමෙන්නොවන බව නොබියව ප්‍රකාශ කළසේක .

බෞධ්යන් පිළිමවලට වදින්නන් බවට ලංකා වන කරන ප්‍රකාශය වැරදිය. පිළිම, ගස්ගල්වලට හෝ නොපෙනෙන දෙවියන්ට වැදීම බුදුදහම අනුව මෝඩ මිනුසුන්ගේ ක්‍රියාවකි . එහෙත් අද බෞධ්යන් පිළිමවලට වන්දනකරති එය බුදුරජාණන් වහන්සේට කරන ගරුකීරීමක් ලෙස හා බක්තිය ඇතිවීමට භාවිතා කරන reference object එකක් පමණි.

මුස්ලිම්වරු යාඥා කරන විට මක්කම දෙසට යාඥා කරන්නේ අල්ලා දෙවියන් සිටින්නේ එමදිසවේ නිසා නොව ඔව්න්ටද යම් reference point එකක් අවශ්ය් නිසා බව මගේ හැගීම වේ . මෙසේ සැම ආගමකටම යම් ආකාරයක reference point එකක් තබා ගැනීම වරදක් නොවන බව ඔබට වැටහෙනු ඇත.
මෙම පිළිතුරු ලිපිය සදහා බෞධ ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න.

Sunday, July 4, 2010

About This Blog -මෙම බ්ලොග් අඩවිය පිළිබද

Lanka1 (Islam srilanka) blog is posting some controversial posts about Buddhism . As a Buddhist i respect their views and often i have observed lots of similarities between concepts in Islam and Buddhism.Most of the good things in Islam is said in Buddhism too. Unfortunately Lanka1 blog is not allowing Buddhist to comment on their posts. So i thought of starting a blog to give answers to what he posts on his blog.Anyone who wants to post an article on this blog can send it to blogsblogged@gmail.com. And you are not allowed to post any comments that can offend any person or any religion.



මෙම බ්ලොග් අඩවිය ආරම්භයට හේතුව ලංකා වන් බ්ලොග් අඩවිය බුදුදහම පිළිබද පලකරන සමහර මතභේදාත්මක ලිපිවලට පිළිතුරු සැපයීම සදහා පමණි. එම වෙබ් අඩවිය අපගේ සමහර කොම්මේන්ට්ස් මකන නිසා ඔව්න්ගේ ලිපිවලට අවශ්‍ය පිළිතුරු ඔබට මෙහි වරණයෙන් තොරව පලකරගත හැක.ඉස්ලාම් දහම පවසා ඇති සියලු හොඳ දෙයක්ම බුදුරජාණන් වහන්සේද පවසා ඇත . මෙම බ්ලොග් අඩවිය ඉස්ලාම් දහම විවේචනය නොකරනු ඇත එහෙත් ඔව්න්ගේ බුදුදහම විවේචනය කරන ලිපිවලට අපි පිළිතුරු ලබාදෙමු. ඔබට මෙහි ලිපි පලකිරීමට අවශ්‍ය නම් blogsblogged@gmail.com ලිපිනයට එවන්න . මෙහි අගම් වලට අපහාස වන කොම්මේන්ට්ස් පලනොකරන ලෙස ඉල්ලාසිටිමි.