මෙම ලිපියෙන් මොහු උත්සහ කොට ඇත්තේ බුදුදහම අදහන්නන් තුල ඇති තිස්තුන්කොටියක් දෙවියන් පිළිබද අදහස හැල්ලු කිරීම සදහාය .
ලංකා වන් පවසන පරිදි
1)මෙම දෙවි දේවතාවුන්ගේ සංඛ්‍යාව තිස් තුන්කෝටිය දක්වා විහිදී යයි. මෙය තුළින්ම බහු දේව වාදයෙන් පසුවෙන්නන් තුළම නිසි විශ්වාසයක් නොමැති බව පැහැදිළි වෙයි.
බුදුදහමට අනුව දෙවියන් නම් සත්ව කොටසක් මෙම විශ්වය තුල සිටිති . ඔව්න් අපට වඩා බලවත් හා වාසනාවන්ත ජීවිත ලබා සිටිති, බුදුදහමට අනුව ඔව්න්ද මෙම විශ්වයේ නීති වලට යටත්ය. එනම් ඔව්න්ද මියයති නැවත ඉපදෙති. දෙවියන්ට වැදුම් පිදුම් කිරීමෙන් අපට පරලොව යහපත සදහා වන උපකාරයක් නැති බව බුදුන්වහන්සේ පවසා ඇත. සමහරු මෙම දෙවියන් වන්දනාව කරනුයේ බොහෝවිට හින්දු බලපෑම මත හෝ මිත්‍යා දෘෂ්ටිය නිසා මිස බුදුදහමේ ඉගැන්වීම නිසා නොවන බව ලංකා වන් නොදන්නවා වියහැක.
ලංකා වන් පවසන පරිදි
2) බහු දේව වාදය පිළිගන්නා සැමෝම කෙසේ හෝ වන්දනා මාන කරන්නේ පිළිරුවකටය. එම පිළිරුවට, ප්‍රතිමාවට හිමිකම් කියන පුද්ගලයා ඉතිහාසයේ අපි සේම ජීවත් වූ මනුෂේයක්
බුදුරජාණන් වහන්සේ ප්‍රතිමා ,ගස් , ගල් වලට වැදුම් පිදුම් කිරීම සම්පුරණයෙන් ප්‍රතික්ෂේප කල සේක . නොපෙනෙන දෙවියෙකු පසුපස යාම බියෙන් තැතිගත් මෝඩ මිනිසුන්ගේ ක්‍රියාවක් බවට ප්‍රක්ශකළ සේක. බුදුරජාණන් වහන්සේ කිසිවිටක දෙවියන් හෝ දෙවිවරු විශ්වය පාලනය කරන බව පවසා නැත.සත්‍ය සොයාගත හැක්කේ තමාගේම මනසෙන් මිස අන්ධ භක්තියෙන් නොපෙනෙන දෙවියන් යැදීමෙන්නොවන බව නොබියව ප්‍රකාශ කළසේක .
බෞධ්යන් පිළිමවලට වදින්නන් බවට ලංකා වන කරන ප්‍රකාශය වැරදිය. පිළිම, ගස්ගල්වලට හෝ නොපෙනෙන දෙවියන්ට වැදීම බුදුදහම අනුව මෝඩ මිනුසුන්ගේ ක්‍රියාවකි . එහෙත් අද බෞධ්යන් පිළිමවලට වන්දනකරති එය බුදුරජාණන් වහන්සේට කරන ගරුකීරීමක් ලෙස හා බක්තිය ඇතිවීමට භාවිතා කරන reference object එකක් පමණි.
මුස්ලිම්වරු යාඥා කරන විට මක්කම දෙසට යාඥා කරන්නේ අල්ලා දෙවියන් සිටින්නේ එමදිසවේ නිසා නොව ඔව්න්ටද යම් reference point එකක් අවශ්ය් නිසා බව මගේ හැගීම වේ . මෙසේ සැම ආගමකටම යම් ආකාරයක reference point එකක් තබා ගැනීම වරදක් නොවන බව ඔබට වැටහෙනු ඇත.
මෙම පිළිතුරු ලිපිය සදහා බෞධ ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න.