Showing posts with label බුදුදහම තුල කාන්තාව. Show all posts
Showing posts with label බුදුදහම තුල කාන්තාව. Show all posts

Saturday, July 10, 2010

බුදුදහම තුල කාන්තාව (ඉස්ලාම් දහම තුල කාන්තාව ලිපියට පිළිතුරු )

ලංකා වන් පලකල ඉස්ලාම් දහම තුල කාන්තාව යන ලිපියේ බුදුදහම පිළිබද කල වැරදි විග්‍රහයට  පිළිතුරු මෙම ලිපියෙන් ලබා දීමට අදහස් කරමිඔහු මෙම ලිපියෙන් උත්සහ කර  ඇත්තේ  බුදුරජාණන් වහන්සේ කාන්තාව  පහත්  කොට සලක ඇති බව පෙන්නා දීමටය  බුදුරජාණන් වහන්සේ සැමවිටම කුල භේද ජාති භේද පන්ති භේද පමණක් නොව ස්ත්‍රී පුරුෂ බේද පවා ප්‍රතික්ෂේප කල සේක.

 "යමෙකු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වන්නේ උපතින් නොව ක්‍රියාවෙනි " යන  බුදුරජාණන් වහන්සේගේ ප්‍රසිද්ධ ප්‍රකාශය ඔබ අසා ඇතුවාට සැකයක් නැත.  

ලංකා වන් පලකල ලිපියේ අඩංගු වන්නේ බුදුන් වහන්සේ විසින් පැවිදි බවට පත්වූ කාන්තාවන්ට පැනවූ නීති මිස සාමාන්‍ය කාන්තාවනට පැනවූ නීති නොවේමෙම නීති පැනවීමට ප්‍රධාන  හේතුව  කාන්තාවන් පහත් කිරීම  නොවේ කාන්තාවන් හා පුරුෂයන් පැවිදි බිමේ සිටින විට ඔවුන්ගේ  සීලය ආරක්ෂාකර ගැනීම සදාහයබුදුරජාණන් වහන්සේ තරම් ගැහැනියගේ වටිනාකම ගැන දෙසු  අයෙකු මෙලොවතුල සිටිය නොහැකබුදුරජාණන් වහන්සේ බුද්ධතත්වයට  පත්වීමට පවා හේතුව පසුගිය ආත්මයක තමාගේ මව විසින් කල ප්‍රාර්ථනාවක් බව උන්වහන්සේගේ පෙරජන්ම පිළිබද දේශනාවන් වලදී ප්‍රකාශ කොට ඇතඅප ආගමේ ඉහලම තත්වය හෙවත් බුද්ධතත්වයට පත්වීමටත් ගැහැණියෙකු මුල්වූ බව බුදුරදුන් පවසුවානම් කාන්තාවන්ට  බුදුදහමේ පවතින ස්ථානය පිළිබද තවත් තර්ක අවශ්‍ය නැත .  

ලංකා වන් බුදුරජන් විසින් මහන බිමට පැමිණීමට කැමති කාන්තාවට පැනවූ නීති අටෙන් 01,02 හා 08 කරුණු මගින් කාන්තාව පහත් කරන බව ප්‍රකාශ කිරීමට අසාර්ථක උත්සාහයක නිරත වී ඇත .

දැන් අපි එම කරුණු අට මදකට විමසමු.  


1. උපසම්පදා වී වර්ෂ සියයක් ගිය භික‍ෂුණිය වුවද එදා උපසම්පදා වූ මහණහට වැදීම හා දැක හුනස්නෙන් නැගටීම යනාදී වශයෙන් ගරුකල යුතුය.

මෙම නීතියෙන් කාන්තාවට වන හානිය කුමක්දවැදීම යනු තම පහත් කිරීමක්  නොව එකිනෙකට ගරු කර ගැනීමකිතමාට ගෞරව  කරන අයෙකු වරදට පොලොබවා  ගැනීම ඉතා අසීරු කරුණකි 

2. භික‍ෂුණිය විසින් භික‍ෂූණ් නැති ආවාසයක වස් නොවිසිය යුතුය.

මෙය කාන්තාවගේ ආරක්ෂාව සදහා ගත් පියවරකිඑදා පවතී සමාජ ක්‍රමය අනුව මෙය   වැදගත් පියවරක්  බව මගේ අදහස වේ
3.  අඩ මසකට වරක් භික‍ෂුණිය විසින් භික‍ෂූ සංඝාගෙන් පොහොය විචාරීම ද අවවාද ඇසීම ද කලයුතු

4. වස් විසු භික‍ෂුව උභය සංඝයා ඉදිරියේ පවාරණය කල යුතු

5. ඇවැතකට පැමිණි භික‍ෂුණිය විසින් සංඝයා දෙකොටස වෙත පක‍ෂයක් පුරණ හික්මීමෙහි හැසිරිය යුතුයි.

6. දෙවර්ෂයක් ධර්ම සයෙක්හි හික්මෙන ලද හික්මීම් ඇතිව හික්මෙන්නිය විසින් දෙ වැදෑරුම් සංඝයා කෙරෙහි උපසම්පදාව සෙවිය යුතුය.

7. කිසියම් කරුණකින් භික‍ෂුණිය විසින් භික‍ෂූන්ට ආක්‍රේශා නොකළ යුතුයපරිභව නොකළ යුතුය.

අක්‍රෝෂ පරිභව කිරීම කිසිම බික්ෂු වකට කැප නැත මෙය බික්ෂුනීන්ට  පමණක් නොව  බික්ෂුන්ට ද පොදු නීතියකි. .

8. අද පටන් භික‍ෂුණීන්ට භික‍ෂූන් කෙරෙහි වචන මාර්ග වැසූයේයභික‍ෂුණීන්ට භික‍ෂූන් කෙරෙහි වචන මාර්ග නොවැසුවේය.

 මෙය පනවා ඇත්තේ අනවශ්‍ය කතාබහ තුලින් ඇතිවිය හැකි වරදට පොළබවා ගැනීම් වැලක් වීම සද හා බව ඔබට පැහැදිලි වනු ඇත , තමා සමග කතා නොකරන ගැහැනියක් වරදට පොළබවා ගැනීම පහසු නැත .

අවසන් වශයෙන් ලංකා වන් උත්සහකර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ පහත ප්‍රකාෂය මගින් කාන්තාව පහත් කළ  බවයනමුත් බුදුරජාණන් වහන්සේ කල මුළු ප්‍රකාෂය එහි අඩංගු කර නැත බුදුරජාණන් වහන්සේ පහත ප්‍රකාෂය කොට පසුව ප්‍රකාශ කලේ ඉහත සදහන් නීති අට පිලිපැදුවොත් බුදුදහම නැවතත් විනාශ නොවී තිබෙන බවය ලන්කාවන් තමාගේ වාසියට එමකොටස පලනොකිරීම මගින් ඔහුගේ යටි අදහස් මනාවට පැහැදිලිවේ.

ආනන‍දයඉදින් ස්ත්‍රීය තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්මයේ පැවිද්ද නොලැබූයේ නම්ආනන‍දයබ්‍රහ්මචරය්‍ය බොහෝ කල් සිටියේ වන්නේයවර්ෂ දහසක් සද්ධර්මය පිහිටන්නේයආනන‍දයයම් දවසෙක සිට ස්ත්‍රිය තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය නම් සස්නෙහි පැවිදි වූයේදශාසනය වර්ෂ පන්සියයක් සද්ධර්ම සිටින්නේයඑසෙම් යම්සේ කිසි කුලයක ස්තී්‍රහු වැඩිවෙත් ද පුරුෂයන් අඩුවෙත්ද ඒ කුලයේ ගම්පහරණ සොරුන් විසින් පහසුවෙන් මැඩ පැවැත්විය යුත්තේද එසේම යම් ධර්ම විනයෙහි ස්තී්‍රය පැවිද්ධ ලබයි ද ශාසනය බොහෝ කල් නොපවතින්නේයඑසේම සම්පූර්ණ වු හැල් කෙතෙහි සුදු ඇට ඇති රෝග පහළවේද එසේ ඒ හැල් කෙත බොහෝ කල් නොපවතී එසේම ස්ත්‍රිය යම් ධර්ම විනයක පැවිද්ද ලබයි ද ඒ ධර්ම විනය බොහෝ කල් නොපවතී"


මෙමගින් බුදුරජාණන් වහන්සේ පවසා ඇත්තේ ස්ත්‍රිය නිසා බුදුදහම විනාශ වන බව නොව ස්ත්‍රිය පැවිදි බවට පත්වූ විට ඇතිවිය හැකි විනය පිරිහීම් නිසා බුදුදහම විනාශ වන බවකිගැහැනුන් හා පිරිමින් එකම ආරාමයේ සිටිනවිට විනය පිරිහීම් සිදුවීමට ඇති ඉඩකඩ ඉතාමත් වැඩි බව සාමාන්‍ය දැනීමක් ඇති පුද්ගලයෙකුට උවද තේරුම් ගත හැකඉස්ලාම් ආගමට අනුව පල්ලියේදී  ගැහැණු සහ පිරිමි එකට  දෙවියන් යැදීම තහනම් බව අප දන්නා කාරණයකි මෙය පනවා ඇත්තේ ගැහැණිය පහත් කිරීමටද විනය රකීමටද යන්න පැහැදිලිකිරීම  ලංකා වන්ට භාර කරමි