Saturday, July 10, 2010

බුදුදහම තුල කාන්තාව (ඉස්ලාම් දහම තුල කාන්තාව ලිපියට පිළිතුරු )

ලංකා වන් පලකල ඉස්ලාම් දහම තුල කාන්තාව යන ලිපියේ බුදුදහම පිළිබද කල වැරදි විග්‍රහයට  පිළිතුරු මෙම ලිපියෙන් ලබා දීමට අදහස් කරමිඔහු මෙම ලිපියෙන් උත්සහ කර  ඇත්තේ  බුදුරජාණන් වහන්සේ කාන්තාව  පහත්  කොට සලක ඇති බව පෙන්නා දීමටය  බුදුරජාණන් වහන්සේ සැමවිටම කුල භේද ජාති භේද පන්ති භේද පමණක් නොව ස්ත්‍රී පුරුෂ බේද පවා ප්‍රතික්ෂේප කල සේක.

 "යමෙකු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වන්නේ උපතින් නොව ක්‍රියාවෙනි " යන  බුදුරජාණන් වහන්සේගේ ප්‍රසිද්ධ ප්‍රකාශය ඔබ අසා ඇතුවාට සැකයක් නැත.  

ලංකා වන් පලකල ලිපියේ අඩංගු වන්නේ බුදුන් වහන්සේ විසින් පැවිදි බවට පත්වූ කාන්තාවන්ට පැනවූ නීති මිස සාමාන්‍ය කාන්තාවනට පැනවූ නීති නොවේමෙම නීති පැනවීමට ප්‍රධාන  හේතුව  කාන්තාවන් පහත් කිරීම  නොවේ කාන්තාවන් හා පුරුෂයන් පැවිදි බිමේ සිටින විට ඔවුන්ගේ  සීලය ආරක්ෂාකර ගැනීම සදාහයබුදුරජාණන් වහන්සේ තරම් ගැහැනියගේ වටිනාකම ගැන දෙසු  අයෙකු මෙලොවතුල සිටිය නොහැකබුදුරජාණන් වහන්සේ බුද්ධතත්වයට  පත්වීමට පවා හේතුව පසුගිය ආත්මයක තමාගේ මව විසින් කල ප්‍රාර්ථනාවක් බව උන්වහන්සේගේ පෙරජන්ම පිළිබද දේශනාවන් වලදී ප්‍රකාශ කොට ඇතඅප ආගමේ ඉහලම තත්වය හෙවත් බුද්ධතත්වයට පත්වීමටත් ගැහැණියෙකු මුල්වූ බව බුදුරදුන් පවසුවානම් කාන්තාවන්ට  බුදුදහමේ පවතින ස්ථානය පිළිබද තවත් තර්ක අවශ්‍ය නැත .  

ලංකා වන් බුදුරජන් විසින් මහන බිමට පැමිණීමට කැමති කාන්තාවට පැනවූ නීති අටෙන් 01,02 හා 08 කරුණු මගින් කාන්තාව පහත් කරන බව ප්‍රකාශ කිරීමට අසාර්ථක උත්සාහයක නිරත වී ඇත .

දැන් අපි එම කරුණු අට මදකට විමසමු.  


1. උපසම්පදා වී වර්ෂ සියයක් ගිය භික‍ෂුණිය වුවද එදා උපසම්පදා වූ මහණහට වැදීම හා දැක හුනස්නෙන් නැගටීම යනාදී වශයෙන් ගරුකල යුතුය.

මෙම නීතියෙන් කාන්තාවට වන හානිය කුමක්දවැදීම යනු තම පහත් කිරීමක්  නොව එකිනෙකට ගරු කර ගැනීමකිතමාට ගෞරව  කරන අයෙකු වරදට පොලොබවා  ගැනීම ඉතා අසීරු කරුණකි 

2. භික‍ෂුණිය විසින් භික‍ෂූණ් නැති ආවාසයක වස් නොවිසිය යුතුය.

මෙය කාන්තාවගේ ආරක්ෂාව සදහා ගත් පියවරකිඑදා පවතී සමාජ ක්‍රමය අනුව මෙය   වැදගත් පියවරක්  බව මගේ අදහස වේ
3.  අඩ මසකට වරක් භික‍ෂුණිය විසින් භික‍ෂූ සංඝාගෙන් පොහොය විචාරීම ද අවවාද ඇසීම ද කලයුතු

4. වස් විසු භික‍ෂුව උභය සංඝයා ඉදිරියේ පවාරණය කල යුතු

5. ඇවැතකට පැමිණි භික‍ෂුණිය විසින් සංඝයා දෙකොටස වෙත පක‍ෂයක් පුරණ හික්මීමෙහි හැසිරිය යුතුයි.

6. දෙවර්ෂයක් ධර්ම සයෙක්හි හික්මෙන ලද හික්මීම් ඇතිව හික්මෙන්නිය විසින් දෙ වැදෑරුම් සංඝයා කෙරෙහි උපසම්පදාව සෙවිය යුතුය.

7. කිසියම් කරුණකින් භික‍ෂුණිය විසින් භික‍ෂූන්ට ආක්‍රේශා නොකළ යුතුයපරිභව නොකළ යුතුය.

අක්‍රෝෂ පරිභව කිරීම කිසිම බික්ෂු වකට කැප නැත මෙය බික්ෂුනීන්ට  පමණක් නොව  බික්ෂුන්ට ද පොදු නීතියකි. .

8. අද පටන් භික‍ෂුණීන්ට භික‍ෂූන් කෙරෙහි වචන මාර්ග වැසූයේයභික‍ෂුණීන්ට භික‍ෂූන් කෙරෙහි වචන මාර්ග නොවැසුවේය.

 මෙය පනවා ඇත්තේ අනවශ්‍ය කතාබහ තුලින් ඇතිවිය හැකි වරදට පොළබවා ගැනීම් වැලක් වීම සද හා බව ඔබට පැහැදිලි වනු ඇත , තමා සමග කතා නොකරන ගැහැනියක් වරදට පොළබවා ගැනීම පහසු නැත .

අවසන් වශයෙන් ලංකා වන් උත්සහකර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ පහත ප්‍රකාෂය මගින් කාන්තාව පහත් කළ  බවයනමුත් බුදුරජාණන් වහන්සේ කල මුළු ප්‍රකාෂය එහි අඩංගු කර නැත බුදුරජාණන් වහන්සේ පහත ප්‍රකාෂය කොට පසුව ප්‍රකාශ කලේ ඉහත සදහන් නීති අට පිලිපැදුවොත් බුදුදහම නැවතත් විනාශ නොවී තිබෙන බවය ලන්කාවන් තමාගේ වාසියට එමකොටස පලනොකිරීම මගින් ඔහුගේ යටි අදහස් මනාවට පැහැදිලිවේ.

ආනන‍දයඉදින් ස්ත්‍රීය තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්මයේ පැවිද්ද නොලැබූයේ නම්ආනන‍දයබ්‍රහ්මචරය්‍ය බොහෝ කල් සිටියේ වන්නේයවර්ෂ දහසක් සද්ධර්මය පිහිටන්නේයආනන‍දයයම් දවසෙක සිට ස්ත්‍රිය තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය නම් සස්නෙහි පැවිදි වූයේදශාසනය වර්ෂ පන්සියයක් සද්ධර්ම සිටින්නේයඑසෙම් යම්සේ කිසි කුලයක ස්තී්‍රහු වැඩිවෙත් ද පුරුෂයන් අඩුවෙත්ද ඒ කුලයේ ගම්පහරණ සොරුන් විසින් පහසුවෙන් මැඩ පැවැත්විය යුත්තේද එසේම යම් ධර්ම විනයෙහි ස්තී්‍රය පැවිද්ධ ලබයි ද ශාසනය බොහෝ කල් නොපවතින්නේයඑසේම සම්පූර්ණ වු හැල් කෙතෙහි සුදු ඇට ඇති රෝග පහළවේද එසේ ඒ හැල් කෙත බොහෝ කල් නොපවතී එසේම ස්ත්‍රිය යම් ධර්ම විනයක පැවිද්ද ලබයි ද ඒ ධර්ම විනය බොහෝ කල් නොපවතී"


මෙමගින් බුදුරජාණන් වහන්සේ පවසා ඇත්තේ ස්ත්‍රිය නිසා බුදුදහම විනාශ වන බව නොව ස්ත්‍රිය පැවිදි බවට පත්වූ විට ඇතිවිය හැකි විනය පිරිහීම් නිසා බුදුදහම විනාශ වන බවකිගැහැනුන් හා පිරිමින් එකම ආරාමයේ සිටිනවිට විනය පිරිහීම් සිදුවීමට ඇති ඉඩකඩ ඉතාමත් වැඩි බව සාමාන්‍ය දැනීමක් ඇති පුද්ගලයෙකුට උවද තේරුම් ගත හැකඉස්ලාම් ආගමට අනුව පල්ලියේදී  ගැහැණු සහ පිරිමි එකට  දෙවියන් යැදීම තහනම් බව අප දන්නා කාරණයකි මෙය පනවා ඇත්තේ ගැහැණිය පහත් කිරීමටද විනය රකීමටද යන්න පැහැදිලිකිරීම  ලංකා වන්ට භාර කරමි

6 comments:

  1. ඔබගෙ මෙම ක්‍රියව ඉතා අගයකොට සලකමි...
    ඔබට මෙය නිවැරදිවත් හොදටත් කරගෙනයැමට ශක්තිය ලැබෙවා...
    තෙරුවන් සරණයි....!!

    ReplyDelete
  2. I stand against discrimination against anyone. Specially towards women, many men and women fall on their knees at their mothers feet, only to get up and say that women are of lower than men. It is bad enough that what Buddha taught has been twisted enough to make better for the priests and who ever wants to control the masses. One thing my mother taught me was if I could give half the respect I show her, to all other women, this world will be a better place. I give my all and women around me, my sisters, girl friends, aunts, and my friends mothers are all very happy to be treated equally. Anyone who treats women differently, for them being women, is not even worth my time, to ponder about.

    ReplyDelete
  3. මෙතනදි බුදුහාමුදුරුවො මොන තරම් උපායශීලීද කියන එකයි කථා කරන්න ඕන.
    අප කැමති වූවත් නැතත් කාන්තාවක් මාර්ගයෙන්( කැමැත්තෙන් හෝ බලහත්කාරයෙන්) යම් පුද්ගලයකුට හෝ සංවිධානයකට හානි පැමිණවීම ඉතා පහසුයි. ඒක මානව සමාජයේ තියෙන ලිංගික කුහකකම ගැන ප්‍රශ්නයක්. මේ දේ එදත් එහෙමයි. අදත් එහෙමයි. මහා ලොකු ලිංගික නිදහසක් තියෙනවය කියන බටහිරත් මේ තත්වයේ වෙනසක් නැහැ.
    බුදුහාමුදුරුවො කලේ ඒ ක්‍රමය ඈතුලෙ තමන්ගේ සාසනය වගේම, තමන්ගෙ ශ්‍රාවිකාවනුත් රැකෙන විදියක් හදපු එකයි.
    බුද්ධකාලීන භාරතයෙ හිටිය හැමෝම රහත් උන අය නෙවෙයි. ඒ වගේම හැමෝම බෞද්ධයොත් නෙවෙයි.
    මතකනෙ තමන් විවාහවී ඉඳිද්දි හටගත් දරුගැබ වෙනුවෙන් එක් මෙහෙණින් කෙනෙක් මොන තරම් අපහාස දුෂ්කරතා වින්දද කියල.
    බුදුහාමුදුරුවො තමන්ගෙ නීති තුලින් තම ශ්‍රාවිකාවෝ පිරිමි සිස්ටම් එකක් තුලත් යහපත්ය, යටහත්ය කියල හදල තිබුණෙ නැත්නම් උන්වහන්සෙට උනත් මේ වගේ තැනකදි අපහසුතාවයට පත්වෙන්න තිබුණ.
    තමන්ගෙ ගෑණි තමන්ගෙ ලිංගික හා ප්‍රජනන අවශ්‍යතාවයන් වෙනුනවන් පමණක්ය කියල හිතන ජාතියකින් මීට වඩා පළල් දැක්මක් බලාපොරොත්තු වෙන්න බැහැ.
    ( මුස්ලිම් ගැහැනුන් රනින් පුරවා ඈත්තේත් පිරිමින් රිදී හෝ යකඩ පලඳින්නේත් ඈයි? )

    ReplyDelete
  4. කිසිම ආගමක ශාස්තෲවරයෙක් ගැහැනිය පහත් තත්වයක සැලකුවා කියලා මම නම් හිතන් නැහැ. මේක ඒ ඒ ආගම් වල පසුකාලීනව ඇතිවුනු ප්‍රශ්නයක් හැටියට තමයි මම නම දකින්නේ.

    සෑම ආගමකම ශාස්තෲවරයා ස්ත්‍රී යොනිය තුලින් බිහිවීම ප්‍රතික්ෂෙප කිරීම දකින්නට පුළුවන් මේක හොද දෙයක් නෙමෙයි. සමහරවිට ආගමේ සටහන්තබන්නන්ගේ අදහස වෙන්න පුළුවන්.

    බුද්ධාගමේ ස්ත්‍රියට සමතැන දීම සෙවීමම නිරර්ථක ප්‍රයත්නයක් කියලයි මටනම් හිතෙන්නේ.
    ස්ත්‍රියට සමතැන දීම කියන් එක බරහිර අදහසක්, ස්ත්‍රිය පහත් තත්වයක සැලකුවේ බටහිර සමාජයයි.
    අපේ සමාජය සර්ව සම්පූර්න නැතත්, ස්ත්‍රියට නිග්‍රහ කලේ නැහැ කියන එකයි මගේ හැගීම. ස්ත්‍රියට සමතැනක් හෝ පහත් තැනක් නොව පුරුෂයාගෙන් "වෙනස් තැනක්" හිමි වූවා යැයි කියලා තමයි මටනම් හිතෙන්නේ.
    ස්ත්‍රියට සමතැන දීම අපිට උගන්නන්න එන බටහිරයෝ තවමත් ස්ත්‍රිය පහත් කරලයි සලකන්නේ.

    නිදහසෙන් පසු අපේ කෙටි ඉතිහාසේ අපි ස්ත්‍රීන් දෙන්නෙක් අපේ නායකත්වයට පත්කරගත්තා.

    ඇමරිකාවේ ජනාධිපතිවරු 48කට පස්සෙත් එකම ස්ත්‍රියක් වත් ජනාධිපති වෙලා නැහැ, බ්‍රිතාන්‍යයේ එක්කෙනයි, අනෙක් බටහිර රටවල ඔයිට අන්තයි.
    ඒ විතරක් නෙමෙයි එක සමාන රස්සා හිමි එකම සුදුසු කම් ඇති පිරිමින්ට බටහිර රටවල වැඩි පඩියක් ලැබෙනවා කියලා සමීක්ෂන වලින් හෙලිවෙලා තියෙනවා.

    බුදු හාමුදුරුවෝ එදා කාලයට ගැලපෙන නීති පැනෙව්වා කියන ඒක, බටහිර ඇසින් එම නීති දෙස බලා, ඒවා බටහිර ස්ත්‍රීන්ට සමතැන කියන සංකල්පයට නොගැලපෙන බව දැක, බුදු හිමියන් බටහිරට ගැලපෙන ලෙස සුද්ද කිරීමට යාමක් ලෙසයි මම දකිනේ.
    කොහොමත් මේ ප්‍රශ්නයට මට නියම පිලිතුරක් නැහැ, අපි මීට වඩා හොදට අපේ සමාජයේ ස්ත්‍රීන්ට හිමි ස්ථානය සංකල්ප කරගත යුතුයි කියලයි මටනම් හිතෙන්නේ.
    මේ වැඩේට බටහිරයන්ගේ කෝව පාවිච්චි කලොත්නම වැඩ වරදින බව සිකුරුයි.

    ReplyDelete
  5. අපි මේ දවස්වල බක මූනාට වැඩක් දෙන්න, ප්ලෑන් කරවා. පුලු පුලුවන් වෙලාවට ඇවිත් ඇවිත් අපේ ෆෝරම් එකේ සාකච්චාවට සහභාගී වෙනවානම් ලොකු හයියක්.

    ReplyDelete
  6. මිතුර, ඔබගෙ මේ වෑයම ඉතා අගය කොට සලකමි. ඔබට තෙරුවන් සරණින් මෙවැනි දෑ පලකිරීමට වඩ වඩා ශක්තිය ලැබේවා කියා පතමි.

    ReplyDelete